ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති නියෝගය ලැබුණා

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය තමන්ට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාල ලිපිය මීට ටික වේලාවකට පෙර තමා වෙත ලැබුණු බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පූර්ණ නිදහස ලබාදෙන ලෙස අදාල ලිපියේ සඳහන් වන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

Exit mobile version