ධවල මන්දිරයේ නිල නත්තල් ගස ජනපති ආර්යාව පිළිගනී

ධවල මන්දිරයේ නිල නත්තල් ගස එම මන්දිරයට රැගෙන ඒමට කටයුතු කර ඇත.

අමෙරිකා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගැනීමට කටයුතු කර තිබුණි. සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාව වීම විශේෂත්වයකි.

මෙහි උස මීටර 6ක් පමණ වන බව වාර්තා වේ. මෙම ගස ධවල මන්දිරයේ නිල නත්තල් ගස ලෙස පිළිගැනීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

එය තෝරාගනු ලබන්නේ වෘත්තීය නත්තල් ගස් වවන්නන් අතර පැවැත්වෙන තරගයකින් අනතුරුවය.

Exit mobile version