29, 30 දිනවල වැස්සේ වැඩිවීමක්

ඉදිරි දිනවල දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මැයි මස 29 හා 30 දෙදින මෙම තත්ත්වයෙන් ඇති විය හැකියි.

බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ, විශේෂයෙන් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, බස්නාහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Exit mobile version