Home දේශීය පුවත් රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 17ක් යළිත් රිමාන්ඩ්

රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 17ක් යළිත් රිමාන්ඩ්

0
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 17ක් යළිත් රිමාන්ඩ්

රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 17දෙනා තවදුරටත් ලබන මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනීමට සහ ඝාතනය කිරීමෙන් පසු මළ සිරුරු පිළිස්සිම සඳහා ගෙන යාමට යොදා ගන්නා ලද වෑන් රථය සහ මෝටර් රථය ඇප කොන්දේසි මත ඒවායේ ලියාපදිංචි අයිතිකරුවන්ට මුදා හැරීමටද අද (27) නියෝග කළේය.

මෙම සැකරුවන් 17 දෙනාගෙන් 15 දෙනෙකු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර දෙදෙනෙකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වෙති.

රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නැමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version