වැස්සේ වැඩිවීමක්

ඉදිරි දිනවල දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ, විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තද වැසි ඇති විය හැකියි.

Exit mobile version