Home දේශීය පුවත් ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදනවා – රෝහිත

ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදනවා – රෝහිත

0
ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදනවා – රෝහිත

තමන්ගේ නොහැකියාව පිළිගන්නේ නැති ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ( 27) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පැවති පක්ෂ රැස්විමට එක්වෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රජය ජනතාව අතර අලුත් මාතෘකාවක් නිර්මාණය කරමින් සිටිනවා. ආණ්ඩුවේ නොහැකියාව දුබලතාවය නිසා එදා බෝම්බ ප්‍රහාරය එල්ල වුනත් අද වෙන තුරු ආරක්ෂක අංශවලට නිවැරදිව පියවර ගන්න දෙන්නේ නැහැ. මේ නිසා ජනතාවට අප්‍රිය වෙලා තියෙන ආණ්ඩුව වෙනුවට ආණ්ඩුව ඇතුලේ ඉන්න අයම කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම සම්බන්ධයි කියනවා.

ත්‍රස්තවාදියා ආවේ මරාගෙන මැරෙන්නනේ. ඒ වගේ මේ ආණ්ඩුවත් දැන් සූදානම් වෙන්නේ විපක්ෂයත් මරාගෙන මැරෙන්නයි. 2015 ජනවාරි 8 වැනිදා ඉදන් පසුගිය ඔක්තෝම්බර් විතර වෙනකල් ආණ්ඩුව පාලනය කළේ එජාප, ශ්‍රීලනීප, දෙමළ  සන්ධානය හා ජවිපේ කියන කණ්ඩායම් එකතු වෙලයි. හීලෑ වුනු විපක්ෂයේ විපක්ෂ නායක සම්බන්ධන්. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක. ඒ අය ආණ්ඩුව පාලනය කරලා රටේ ආරක්ෂාව ගැන තීරණ අරන් වැඬේ වැරදුනාම දැන් කියනවා 225ම එපා කියලා.

අපි මේ ආණ්ඩුවේ හිටියේ නැහැ. අපි මේ ආණ්ඩුවෙන් බේරිලා හිටියේ හරිම අමාරුවෙන්. අගමැතිතුමගේ කුණු ටික අපේ ට්‍රැක්ටරයේ අදින්න ලෑස්ති වෙන්න එපා. ආණ්ඩුවේ කුණු ආණ්ඩුවේ ට්‍රැක්ටර්වලින්ම ඇදගන්න. එදා යුද්ධය කරන වෙලාවේ අපේ ආණ්ඩුව වාසි අවාසි දෙකම භාරගත්තානේ. කටුනායක ගාමන්ට් ෆැක්ටරිවල සිද්ධියෙන් මරණයක් වුන ගමන් කිව්වේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගකියන්න ඕනේ කිව්වා. මේ ආණ්ඩුව කියන්නේ 225ම වගකියන්න ඕනේ කියලයි.

මේකට ආණ්ඩුව කළ අය විතරයි වගකියන්න ඕනේ. අපේ ආණ්ඩු කාළේ  ආරක්ෂක මණ්ඩලය සතියකට දෙවතාවක් රැස්වුනා. ජනවාරි 8 වැනිදායින් පස්සෙත් ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. මේ කවුන්සිල් එකෙන් කළේ රාජපක්ෂ දඩයම් කරන්නේ කොහොමද, ඒ අයත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන් හිරේ දාන්නේ කොහොමද කියන දේවල් විතරයි හෙව්වේ. ඇමැතිවරු මාධ්‍ය සාකච්ඡා තියලා අහවලා හිරේ යනවා වගේ කතා කියන්නේ කොහොමද?”  යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version