ලංකාවේ සංචාරයට පනවා තිබු උපදෙස් මාලා රටවල් කිහිපයකින් ලිහිල් කරයි

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව හේතුවෙන් මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් විසින් සිය වැසියන්ට නිකුත් කර තිබූ උපදෙස් මාලාවන් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් චීනය පළමු වරට උපදෙස් මාලාව සංශෝධනය කිරීමට පියවර ගත් අතර ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය ඇතුළු රටවල් රැසක් ද මේ වන විට අවදානම් නිවේදන ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට මෙරට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස රටවල් රැසක් සිය වැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කළේය.

කෙසේවෙතත් රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙරට සංචාරය කිරීමේ දී පනවා ඇති අවදානම් නිවේදන ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය දිනවල විදෙස් තානාපතිවරුන් හමුවී ඉල්ලීම් සිදුකර තිබුණි.

Exit mobile version