විෂ වායුවක් ආඝ්‍රහණය වී තරුණයෙක් මරුට

ඉංගිරිය, ගොරකැටිය ප්‍රදේශයේ පිහිටි කඩදාසි නිෂ්පාදන ආයතනයක සේවය කළ තරුණයෙකු විෂ වායුවක් ආඝ්‍රහණයවිමෙන් මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

එම ආයතනයේ අපද්‍රව්‍ය බැහැර කරන ටැංකිය පිරිසිදු කිරිමට ගිය සේවකයින් තිදෙනෙකු විෂ වායුව ආඝ්‍රහණයවිම හේතුවෙන් හොරණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 18 හැවිරිදි ඌරුගල, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

ඉංගිරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version