ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟය අද

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය අද(01) කාඩීෆ්හිදී පැවැත්වීමට නියමිතයි.

දිවා තරඟයක් වන මෙම තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වෙයි.

අවසන්වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරයන් වු නවසීලන්තය කණ්ඩායමත්, අවස්ථාවන් දෙකකදී ලෝක අනුශූරයන් වු ශ්‍රී ලංකා කණ්ඩායමත් මෙවර ලෝක කුසලානයේදී එකිනෙකා මුණගැසෙන පළමු අවස්ථාව අදයි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වෙනසක් සිදු කළ හැකි බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

Exit mobile version