Home දේශීය පුවත් ඝණ හා අර්ධ ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම අද සිට

ඝණ හා අර්ධ ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම අද සිට

0
ඝණ හා අර්ධ ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම අද සිට

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය අද(01) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ආහාර පනතට අනුව ඊට අදාළ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අප්‍රේල් මස 17 වනදා නිකුත් කර තිබුණි.

ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පාදක කරගෙන මෙරට තුළ දැනට වර්ධනය වෙමින් පවතින බෝ නොවන රෝග වලින් පෙළෙන ජනතාවට ආහාර තෝරාගැනීමේදි මඟපෙන්වීම මෙහි මුළික අරමුණ වී ඇත.

ඒ අනුව අද සිට නිෂ්පාදනය කරනු ලබන ඝණ සහ අර්ධ ඝණ ආහාරවල වර්ණ සංකේතවත් කිරීම නිසි අකාරයෙන් සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ආහාර නිෂ්පාදකයන්ට විවිධ ආහාර වර්ගවල අඩංගු සංඝටක ප්‍රමාණය රසයනාගාර පරීක්ෂාවක් මඟින් තහවුරු කර ගත යුතු අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඒ සඳහා මාස තුනක සහන කාලයක් ලබා දී ඇති අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.

එමෙන්ම අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් දැනුම්වත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version