උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක්

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

දඹුල්ල   මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ  අංගනය විවෘත කිරීමට ඊයේ (01දා) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාව නිසියාකාර හැදුනුම්පතක් හදා ගැනීමට නොහැකි රටක් බවට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගියදා බෝම්බ පිපුරූ සිද්ධියේ මියගිය අයට එකම අංකයට නම් දෙකකට හැඳුනුම්පත් නිකුත් කර තිබුණු බවත් ඔහු කීවේය.

නිසියාකාර  හැදුනුම්පතක් සකස් කර ගතහොත් ජාතියක් හැටියට ආරක්ෂාවක් සපයන බවද ඔහු කීවේය.

මින් ඉදිරියට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුද්ගලයකුට උපතේදීම හැදුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහන යටතේ උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීම සිදු කරන බව කීවේය.

එසේ ලබා ගන්නා හැඳුනුම්පත හරහා ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය ආදී රජයේ ලියකියවිලි බලපත්‍ර විවිධ අවහිර වීමකින් තොරව ලබා ගැනීමට හැකිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

රටේ ආරක්ෂාව මාස තුනකින් තහවුරු කළ හැකි බවත් තමන්ට රුපියල් බිලියන හතලිහක් රජය ලබා දෙන්නේ නම් මාස තුනක් ඇතුළත රටේ ආරක්ෂාව රටේ සුරක්ෂිතභාවය  සිදුවන වංචා තත්ත්වය සියල්ල නවතා නව තාක්ෂණය යටතේ පුද්ගලහඳුනා ගැනීම් සියල්ල අවසන් කිරීමට හැකි බවත් ඔහු කීවේය.

Exit mobile version