Home දේශීය පුවත් මම ජාතියට ණය නැහැ – රතන හිමි

මම ජාතියට ණය නැහැ – රතන හිමි

0
මම ජාතියට ණය නැහැ – රතන හිමි

තමන් ජාතියට ණය නැති බවත්, ආධ්‍යාත්මික අධිෂ්ඨානයක් ඇති තනි පුද්ගලයකුට සමාජයක් වෙනස් කළ හැකිය යන ආදර්ශය තමන් රටට ලබාදුන් බවත් දින හතරක උපවාසය අවසන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලැබුණු දැනුම්දීම අනුව තමන් උපවාසය අවසන් කිරීමට තීරණය කළ බව ද උන්වහන්සේ කීහ.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට නොව අගමැතිවරයාට බව කී රතන හිමියෝ අගමැතිවරයා එම ක‍්‍රියාමාර්ගය නොගතහොත් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් මගින් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන බව ද පැවසූහ.

රට වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක නිරත වූ තමන්ට සහය දුන් සැමට ස්තුතිය පුද කරන බව ද රතන හිමියෝ කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version