වැසි තත්ත්වය නිසා කඳු ආශ්‍රිතව නාය යෑමේ අවධානමක්

ඇති වී තිබෙන වැසි තත්ත්වය හේතුවෙන් කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නාය යෑම පිළිබඳ අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

නාය යෑමේ ලක්ෂණ දුටුවහොත් ඒ පිළිබඳව අවධානය යොමු කර ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

යම් තොරතුරක් දැන ගැනීමට හෝ තොරතුරක් ලබාදීමට 117 දුරකථන අංකය පැය 24 පුරා භාෂා තුනෙන්ම ක්‍රියාත්මකත බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version