උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක් – ඡායාරූප

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 සැතපුම් කණුව අසලදි පිලි පැනිමට ලක් වි ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

අද(20) පස්වරු 3.00 ට පමණ එම දුම්රියේ පසුපස නැරඹුම් මැදිරිය පිලි පැන ඇති බවයි පාලක මැදිරිය පැවසුවේ.

නැරඹුම් මැදිරියේ බොගිය ගැලවි ගොස් ඇති අතර දුම්රිය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදු වි ඇත.

පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය ගලවා සෙසු මැදිරි සමග විශේෂ දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.

පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාක මැදිරිය පැවසිය.

Exit mobile version