කොළඹ ප්‍රදේශ කීපයකට හෙට වතුර නෑ

හෙට(22) පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සහ ජුබිලි ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරයි.

ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙලෙස ජල කප්පාදුව බල පැවැත්වෙයි.

Exit mobile version