Home ක්‍රීඩා පුවත් එංගලන්තය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්

එංගලන්තය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්

0

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ(21) පැවති තරඟයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේය.

නායක දිමුත් සහ කුසල් පෙරේරා ඉනිම ආරම්භයේදීම අසාර්ථක වුවත්, සිය පළමු ලෝක කුසලාන තරඟයට සහභාගී වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49 ක් රැස් කළේය.

මෙහිදී ලසිත් මාලිංග පන්දුවාර 10 අවසානයේ ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත් අතර ධනංජය සිල්වා ලකුණු 32කට කඩුළු 3ක් හා ඉසුරු උදාන ලකුණු 43කට කඩුළු 2ක් දවා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version