හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරයි

හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ. ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද(22) දිනයේ ප්‍රකාශයට පත් කළේය.

රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් මැයි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය.

අද සිට යලිත් ඉදිරි මාසයක කාලයක් සඳහා එය ප්‍රකාශයට පත් කර ඇත.

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව අදාල ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

Exit mobile version