අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද ?

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතය ප්‍රකාශ කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂය සමඟද සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊයේ(24) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එළඹෙන අගෝස්තු 11 වැනිදා සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන තුරු ඒ පිළිබඳ කලබල විය යුතු නැති බව කොළඹ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද. ඔහු නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන නායකයෙක් විය යුතුයි. අන්තවාදයට ත්‍රස්තවාදයට  කොන්දේසියකින් තොරව කටයුතු කළ හැකි නායකයෙක් විය යුතුය.

කාන්තාවට දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. විසිඑක්වැනි සියවසට ගැලපෙන නූතන දැක්මක් සහිත සිංහල දමිළ මුස්ලිම් බොදු කිතුනු හින්දු සියලු ජනවර්ගවලට මගෙ රට කර හැකි රටක් නිර්මාණය කරන නායකයෙක් විය යුතුයි.

එහෙම නැතුව ඇස් ගිලීම, මූනේ මහන්සි පාට, නින්ද නොයාම රාජ්‍ය නායකයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ අය ගැන පිටකොටුවේ නාට්ටාමි සංගමයට දැනුම් දෙන්න.“

Exit mobile version