පුරාවස්තු සොයා කැණීම් කළ 4ක් මාට්ටු

අරලගංවිල පොලිස් වසමේ දයාසිරිගම ඇල්ලේවැව ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 හා 31 යන වයස්වල පසුවන ඇල්ලේවැව, ත්‍රිකුණාමලය, පස්සර, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අද(29) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අරලගංවිල පාෙලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version