නෞකා 2ක් දෙන්නැයි කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

ආපදාවකදී භාවිතයට ගැනීම සඳහා නෞකා දෙකක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව දිලිප් වෙදආරච්චි කැබිනට් නොවන අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් ධිවර යාත්‍රා සඳහා නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම මඟින් ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ.

හම්බන්තොට ප්‍රදේශයේදි ධීවරයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමන් කැබිනට් අමාත්‍යවරයෙක් වු විගස එම යෝජනාව සම්මත කර ගන්නා බවත්, අනෙක් සෑම රටකම ආපදාවකදී භාවිතයට ගැනීම සඳහා වෙනත් නෞකා සුදානම් කර තිබේන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

Exit mobile version