කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

අද රාත්‍රී 7 පමණ දක්වායි.

ඊට හේතු වී ඇත්තේ අඹතලේ සිට කොළඹ එළිහවුස් ජල තටාකයට ජලය රැගෙන යන නළ මාර්ගයක මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ඇති වූ කාන්දුවකි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කොළඹ ප්‍රදේශය භාර සහකාර සාමානාධිකාරී ඒ. කේ. කපුරුගේ මහතා සඳහන් කළේ නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

Exit mobile version