ආයුධයකින් පහර දී ආපනශාලා හිමිකරුවෙකු ඝාතනය කරයි

අම්බලන්ගොඩ ප්‍රදේශයේ කොබෙයි තුඩුව මංසන්ධියේ වෙල්යායක් ආසන්නයේ දී අද(02) උදෑසන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ඝාතනය වී ඇත්තේ අම්බලන්ගොඩ, තිලකපුර ප්‍රදේශයේ වයස අවුරුදු 35 ක් වු ආපනශාලා හිමිකරුවෙක්.

අද උදෑසන වෙළඳ සැලට අවශ්‍ය මස් මිලට ගැනීම සඳහා වෙළෙඳ පොළට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

දෙපිරිසක් අතර කලක සිටි පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

Exit mobile version