තැන් දෙකකදී හෙරොයින් සමඟ 3ක් අත්අඩංගුවට

අතුරුගිරිය සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අතුරුගිරිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 157යි මිලිග්‍රෑම් 260ක් සොයාගෙන තිබේ.

ඔවුන් අද(06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කෙසෙල්වත්ත මුහන්දිරම් පාර ප්‍රදේශයේ හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔහු සතුව තිබී  හෙරොයින් ග්‍රෑම් 20ක් සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කෙසෙල්වත්ත පොලිසීයට බාර දී ඇත.

Exit mobile version