බලංගොඩදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු මරුට

බලංගොඩ, බෝම්බුව ප්‍රදේශයේදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ආරවුලක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුව ඇති බව ය.

තුවාල ලැබූ පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි බෝම්බුව පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ය.

Exit mobile version