ඇසළ මහා පෙරහැර අගෝස්තු 02 වැනිදා අරඹයි

මහනුවර ඓෙතිහාසික ශ්‍රි දළඳා මාලිගයේ ඇසල මංගල්‍යය ලබන මස 02 වනදා ආරම්භ වෙයි.

එදින අළුයම කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසු සතර මහා දේවාල වල පෙරහැර පැවැත්වීමට නියමිතයි.

කුඹල් පෙරහැර අගෝස්තු 05 වනදා සිට 09 වනදින දක්වා පැවැත්වෙන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදි දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පැවසුවේය.

රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝළි මහා පෙරහැර අගෝස්තු 14 වනදා පැවැත්වීමට නියමිතයි.

15 වනදා උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදුකර, දිවා පෙරහැර ගෙවදීමෙන් පසු ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වෙයි.

මේ අතර සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version