දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.

පේරාදෙණිය සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 59 හැවිරිදි තලවතුර, මුරුතගහමුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මහනුවර පොලිසිය සිදු කරයි.

Exit mobile version