ඉදිරි සතියේ දී පාසල් සිසුන්ට නිල ඇඳුම් වවුචර් පත්

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති අතර මෙම වවුචර පත් ඉදිරි සතියේ දී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිතව ඇති බවයි.

හතළිස් දෙලක්ෂයකට ආසන්න පාසල් දරුවන් සඳහා මිලියන 2370 ක වටිනාකමකින් යුත් නිල ඇඳුම් වවුචර පත් ද,  පිරිවෙන් සිසුන් සඳහා මිලියන 75 ක වටිනාමකින් යුත් වවුචරපත් ද මේ වනවිට නිකුත් කර අවසන්ව ඇති අතර ඉදිරි සතියේ දී දරුවන් අතට පත් කිරීමට නියමිතව ඇත.

මෙම නිල ඇඳුම් වවුචරපත් වල මුළු වටිනාකම මිලියන 2445 කි.

Exit mobile version