Home දේශීය පුවත් විපක්ෂ නායක හා සමස්ථ ලංකා පළාත් ආදායම් නියෝජිතයින් හමුවෙයි

විපක්ෂ නායක හා සමස්ථ ලංකා පළාත් ආදායම් නියෝජිතයින් හමුවෙයි

0
විපක්ෂ නායක හා සමස්ථ ලංකා පළාත් ආදායම් නියෝජිතයින් හමුවෙයි

සමස්ථ ලංකා පළාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද(30) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විනි.

වසර 10 තිස්සේ බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බැවින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව ඇති බව මෙහිදී ඔවුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවසීය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම ආණ්ඩුවේ වගකීම් දැරීමට කිසිවෙකු නොමැති නිසා ඉදිරියේදී  පත්වන තම රජයකින් මෙම ගැටළු පිළිබඳ අවධානය යොමුකරන බව පැවසීය.

එමෙන්ම මේ වන විට බලය බෙදීම පිළිබඳවද රටතුළ කතිකාවතක් ගොඩනැගී ඇති බවත් පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලට ලබාදෙන බලය පිළිබඳව හා අයවැයෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන පළාත් පාලන ආයතන වෙත සෘජූවම ලබා දීම පිළිබඳ අවධානය යොමුව අති බව මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version