දෙවැනි පාසල් වාරය අදින් අවසන් වෙයි

රජයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තෙවැනි පාසල් වාරය සැප්තැම්බර් මස 02 වැනි දා ආරම්භවීමට නියමිත බවයි.

මේ අතර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වැනි දා පැවැත්වෙන අතර ලබන 05 වැනි දා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වේ.

ඒ සඳහා යොදා ගන්නා විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

Exit mobile version