මරදානේ නිවසක් තුළ වෙඩි තැබීමක්

මරදාන පොලිස් වසමේ මාලිගාකන්ද පාර, කොළඹ 10 ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ දී ඊයේ(01) රාත්‍රී 7.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ

නිවසක් තුළ දී මුදල් ආරවුලක් හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයෙකු හා එහි පැමිණි පුද්ගලයෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යෑමෙන් නිවසට පැමිණි පුද්ගලයා විසින් බිමට වෙඩි තැබීම සිදු කර පලා‍ ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීම හේතුවෙන් නිවසේ සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් ඇති බවට වාර්තා වෙයි.

තුවාල ලබා ඇත්තේ සෙක්ස්ටස් ගෝමස් අබේසිංහ වීරකෝන් නැමති වයස අවුරුදු 77 ක් වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මෙම වෙඩි තැබීම සිදුකල සැකකරු හඳුනා ගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version