ගෝඨා ජනපතිවරණයට ඉදිරිපත් වීම ගැටළුවක් නෙවෙයි

එක්සත් ජාතික පක්ෂය අතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩ නගන සන්ධානයේ සියයට 80ක බලය තම පක්ෂයට හිමිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ඊයේ(07) පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි.

අවුරුදු 52ක ජනාධිපතිවරයෙක් පත්කරන ලෙස මුළු රට පුරා රැල්ල ඇති බවත් එක්සත් ජාතික පක්ෂය විසින් එම ජනාධිපතිවරයා පත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version