හජ් උත්සවය අදයි

ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට(12) යෙදී තිබේ.

ඇති නැති පරතරය විවිධ භේදයන් දුරලා සමානාමතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි.

මේ අතර හජ් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ වියොවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝනය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බවයි.

ජාතිය හා පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමඳින මේ මහා පුජෝත්වය මඟින් ලැබෙනුයේ අන් සියලු ආගමිකයින් සමඟද සමානත්මතාවයෙන් යුතුව දිවිගෙවීමේ ශික්ෂණයක් බව තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Exit mobile version