ගාම්ණි හා සියඹලාපිටිය හෙට ජනාධිපති කොමිසම හමුවට

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට ජනාධිපති කොමිසම හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා හෙට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතයි.

ඒ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිළදී ගැනිමේදි සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදි  සිදුවු වංචා දුෂණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Exit mobile version