කවුරුවත්ම පක්ෂ නායකත්වය විවේචනය කරන්නේ නෑ

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම කිසිවෙකු පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විවේචන සිදු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version