දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

රට තුළ සාපරාධී ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධීන් අති විශාල වශයෙන් වැඩි වීම නිසා ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවයකි.

ඒ හේතුවෙන් ඇතැම් පනත්වල සහ ආඥාපනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද දඩ මුදල් එකී උල්ලංඝනය කිරීමේ වැළැක්වීමට කිසි සේත්ම ප්‍රමාණයත් නොවීම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ නිර්දේශ මත දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය තලතා අතුකොරාළ මහත්මිය විසින් ඉදිරිපත් යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Exit mobile version