ත්‍රීරෝද රථයක තිබී කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (03) දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ සෝදිසි කීරිමකදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී ත්‍රිරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී තිබේ.

මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව සැක පල කෙරෙන අතර සෝදිසි කිරීම් හේතුවෙන් සැකකරුවන් පලා ගොස් ඇත.

ඒ අනුව සැක කටයුතු ත්‍රිරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version