කසල තේ අලෙවි කළ 2ක් තලවාකැලේ දී අල්ලයි

කසල තේ හොඳ තේ සමඟ මිශ්‍රකර අලෙවි කරන බවට සැකපිට වෙළෙන්ඳන් දෙදෙනෙකු කසල තේ සමඟ අත්අඩංගුවට ගැනීමට තලවාකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී තිබේ.

තලවාකැලේ නගරයේ පිහිටි බලපත්‍ර සහිතව තේ කුඩු අලෙවි කිරිම සිදු කරන වෙළඳසැලක නිතිවිරෝදී ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු ඉවත දමන ලද කසල තේ හොඳ තේ කුඩු සමඟ මිශ්‍ර කරමින් සිටියදි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එම දෙදෙනාව තලවාකැලේ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

මෙම පුද්ගලයින් දිගුකලක සිට හැටන් කොටගල ප්‍රදේශයේ ස්ථානයකින් ඉතා අඩු මිලකට කසල තේ මිලදීගෙන මෙලෙස හොඳ තේ සමඟ මිශ්‍රකර වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරම පවත්වගෙන ගිය බව පරික්ෂණ වලදී අණාවරණය වි තිබේ.

Exit mobile version