Home දේශීය පුවත් ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක්

ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක්

0
ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මගින් මෙම දැනුම් දීම සිදුකළ බවත්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව මෙම කටයුතු සිදුකළ බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පළමු නිල නිවේදනය මෙය බවත්, එහෙත් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන සාකච්ඡා ඉදිරියටත් පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version