සජිත් ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙනවා

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිළිව ප්‍රකාශයක් කර තිබූ බවත් එයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයක් මේ වන විටත් ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සහය මේ වන විට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version