අකුරැස්සේ වෙඩි තැබීමට අදාළ සැකකරුවන් රිමාන්ඩ්

අකුරැස්ස පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම හා පානදුර පොලිස් ස්ථානයෙන් ගිනි අවි සොරා ගැනීමට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය දා මෙම සැකකරුවන් ටී 56 ගිනි අවි 2 ක් සොරා ගෙන සිටිය දී අකුරැස්ස පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 6 දෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විදිවිධාන ප්‍රකාරව ඊයේ (12) දින මාතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සැකකරුවන් 6 දෙනා සැප්තැම්බර් 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Exit mobile version