බුලත්සිංහල ප්‍රදේශයට නාය යෑමේ රතු නිවේදනයක්

අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ හේතුවෙන්, දූනමලේ ප්‍රදේශයේ පහත්බිම්වල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට නාය යෑමේ රතු නිවේදන ද නිකුත් කර තිබේ

Exit mobile version