පොහොට්ටු කාර්යාලයේ කටවුට්ස් කපලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ජනාධිපතිවරණ  සදහා ප්‍රථමයෙන්ම විවෘත කරන ලද බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශන පුවරුවක් ඊයේ (16) රාත්‍රී විනාශ කර ඇතැයි බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.

බදුල්ල ගගබඩ පාරේ පිහිටි මෙම කාර්යාලය ඉකුත් 12 වැනිදා විවෘත කෙරිණ.

ප්‍රදර්ශන පුවරුවේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ජායාරූප තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතාගේ ජායාරූපය පමණක් කපා දමා තිබෙන අයුරු දක්නට ලැබිණ.

මුහුණ ආවරණය කරගත් සිවු දෙනෙක් විසින් මෙය සිදුකළ බවටත් ඔවුන් මෙම කාර්යාලය ඉදිරිපස ව්‍යාපාරික ආයතනයක සේවය කළ මුරකරුවෙකුටද තර්ජනය කර ඇති බටත් තොරතුරු විමර්ශනයේදි අනාවරණය වූ බව පොලීසිය  පවසයි.

බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version