රාජ්‍ය නිලධාරින් අසනීප නිවාඩු – ජනතාව අපහසුතාවයට

රජයේ විධායක නිලධාරින්ට කැබිනට් පත්‍රිකාවකින් ලබාදුන් වැටුප් වැඩිවීමට සාපේක්ෂව වැටුපක් ලබා නොදීමට එරෙහිව විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය සේවකයින් අද (23) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතන වල සේවා සැපයීම අඩාල වීමෙන් සේවා ලබා ගැනිමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයන්ට පත් විය.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය කළමනාකාර සහකාර, සංවර්ධන, ග්‍රාමසේවා ඇතුළු වෘත්තිය සංගම් 34ක් එක්වීම නිසා රාජ්‍ය ආයතන රැසක සේවා සැපයීම අද අඩාල විය.

දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලත් රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරි කටයුතු සඳහා වාර්තා කර නොතිබු බවයි වාර්තා වන්නේ.

Exit mobile version