Home දේශීය පුවත් සජිත් හා එජාප මන්ත්‍රීවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්

සජිත් හා එජාප මන්ත්‍රීවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්

0

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.

මෙහිදි ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(23) රාත්‍රී පවත්වා තිබේ.

කථානයක නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව පැය 02කට අධික කාලයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version