පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කඩිනමින් අපේක්ෂකයා පත් කරනවා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඉතා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා බව එම පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ඒ පිළිබදව අවසන් එකගතාවයකට පැමිණෙන බවයි.

කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සදහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අපේක්ෂකයා තේරීමට නාම යෝජනා මණ්ඩලයක් පත් කිරීමට හෝ කමිටුවක් පත් කළ යුතු බවයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පාර්ලිමේන්තු 48 ක් සිටින බවත් පාර්ලිමේන්තු නොවන විවිධ සංවිධාන වල සමාජිකයන් 20ක් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එම පිරිසේන් හෝ එක්සත් ජාතික පක්ෂයේ පිරිසෙන් පමනක් හෝ අදාල අපේක්ෂකයා තෝරා ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version