ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්තමානයේදී පැන නැඟී ඇති හා අනාගතයේදී පැන නැඟෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබන නෛතික හා ආයතනික ගැටළුවලට ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීම සඳහා මෙය සිදු කර ඇත.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට සහ ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version