රිය අනතුරින් පාසල් සිසුවෙක් මරුට

හබරණ ත්‍රීකුණාමලය මාර්ගයේ ඊයේ (30) සවස සිදුවු අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

‍‍මහ‍මොරකන්ද ප්‍රදේශයේ දී ත්‍රීකුණාමලය දෙසට ධාවනය වු කැබ් රථයක් ඉදිරියෙන් එම දිශාවට ගමන් කළ පාපැදියක ගැටී තිබේ.

අනතුරින් තුවාල ලැබු පාපැදියේ ගමන් කළ දරුවා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 13 ක් වු 70 ‍කොටස, ගල්ඔය හන්දිය, හතරැස් කොටුව ලිපිනයේ පදිංචි ගුණවටුනගේ ෂෙහාන් අනුරාධ නැමති දරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන අතර හබරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version