බත්තරමුල්ල මංසන්ධිය අවහිර වෙයි

බොරැල්ල-කොට්ටාව මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධිය විරෝධතාවයක් හේතුවෙන් අවහිර වී ඇතැයි අප වාර්තාකරු පවසයි.

සමෘද්ධි නිලධාරීන් විසින් එම අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නියැලීම හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක්ද ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට විරෝධතාකරුවන් විසිර ගොස් ඇති අතර, මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇතැයි ද අප වාර්තාකරුවන් පවසයි.

Exit mobile version