ඇල්පිටිය පොහොට්ටුවේ අවසන් රැළියට විශාල ජනගගක්

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැළිය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය නගරයේදී පැවැත්විණ.

මෙහිදී ජනතාව ඇමතූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇල්පිටිය මැතිවරණය සියයට 70කින් ජය ගන්නා බවයි.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශ්වයන්ට බෙදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

රැළිය අවසන් වන තෙක්ම සැලකිය යුතු ජනතාවක් රැදී සිටින අයුරු දක්නට ලැබුණි.

Exit mobile version