සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මම කැපවෙනවා – සජිත්

ඒකීය ශ්‍රි ලංකාවක් තුළ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක අද ආශිර්වාද ලබා ගත්තේය.

ඒ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදීයි.

මෙහිදී මහා සංඝරත්න සජිත් ප්‍රේමදාස මහතාට පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද සිදුකළේය.

මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා කළ යුතුව ඇති සියලු දේම ඒකීය ශ්‍රි ලංකාවක් තුළ ක්‍රියාත්මක කළ යුතු බවයි.

බුදු සසුන බැබලවීමට එම ආගමික යුතුකම් නොපිරිහෙලා ඉටු කරන බවත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version